සාස්තර | Sasthara by Tharindu Damsara [2019]

Sinhala song lyrics with music notes illustration

පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ
මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ

උබ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉදගෙන
මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන

ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
හුඟක් ඇස් නළලවල්’ වල උබ කිව්ව පොඩි මිලෙන්
පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්

අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර

මහා කුණාටුවක් මැද
ජිවිතේ ඉරෙන රුවලක්
ඉසුරුමුණියෙත් ඉන්නවා
සාස්තර කියන යුවලක්

 

Download the Official Audio from Here!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply