සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
කඳුළැල් පියන් වසනා වෙලේ
හඬනා යුග නෙතු
තවරා කසුන් හසකැන් දොවා
ලංවී හද පිදූ …. සරසා ආදරෙන්
තනිවී මේ රැයේ
සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ
දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳී අතින්…. සැඟවී වෙන් වෙලා
තනිවී මේ රැයේ
සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ