සක්මන් කරන මළුව | Sakman Karana Maluwa by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply