Stage Hits Medley by Sarith & Surith with News [2021]

Sinhala song lyrics with music notes illustration

ඈ නීල වරල පිරලා
ඈ යන ගමන හැඩවේලා
ගම්මානේ මිහිරියාව
ගමම එළි කලා
පුන් සද රැස්‌ කැලුම් හෙලා
ඈ සුර දෙවොලියක්‌ වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි
සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි

වසන්ත සමය ලංවෙලා
කෝකිල නදින් මත්වේලා
සිසිල් සුළන් යාවි පාවේලා
දග උකුලුල් උකුල සල සලා
ඈ යන්නේ මග හිනහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
හැඩ වැඩ ගමන ලලිත වේ

සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි
සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි

ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ
ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවී මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

සිහිල් පවන් හමාවී නැවුම් සුගන්දයක් දී
සිහිල් පවන් හමාවී නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

පෙම් හසරැල් සඟවන් මුහුණේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ

ඩිංගක් විහිළු කලා
ඇයි මේ තරහා වෙලා
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යළි හමුවී
ඔබ මා සනසනවා

දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරේ වෙනවා

කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ
සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ

බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ
බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ

රැන්දු සිනා සද වගෙ මුහුණේ
දැක්කාම හිත බැදුනේ
පෙන්නා අගේ හද රැදි සෙනෙහේ
ඉන්නම් බැදී එක සේ
නැතේ දායාද ඕනේ කිසිදාක නෝනෙ
ඔය දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාර බැදගෙන
පනවාගෙ රැකගන්නම්
මගේ පනවාගේ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply