අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි
අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා
යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා