රුවනාරිනී | Ruwanarini by Kasun Kalhara [2022]

නයන යුග සනහා
සසරේ හුරුවට පතා ආ රුව
මිණිමෙවුල සැලුනා
යුගන්දරයක හැඟුම් යාවි

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

රත් දෙතොල් ඉහිරී
ළයේ ගුලි වී හැඟුම් තෙරපී
ලෙවන් නෙතු සැඟවී
බිදී දුනුදිය මලවි මත්වී

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

written by Kasun Kalhara

Leave a Reply