සේපාලී | Sepali by Sadara Bandara [2022]

ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ
ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ
උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ
විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ

තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය
පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය
දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය
නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය

දුංකොළ කපා වේලා දහවල අව්වේ
පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ
මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ
පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ

හංගාගෙන වගේ පියයුරුවල සිරිය
තිබුණා උපන් ලපයක් හරියට හරිය
දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය
කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය

https://youtu.be/FF7Lguu3ggU

Leave a Reply