ජනතා යුගයක් | Janatha Yugayak by Sadara Bandara [2022]

Sinhala song lyrics with music notes illustration

ජනතා පැතුමන් අවතැන් වෙලා
හොරකම් මැරකම් ඇත රජ වෙලා
ඉවසා සිටියා ඇති බල බලා
ජනතා යුගයක් අරඹමු වහා

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

සොල්දාදුවනේ අපි එක්වෙලා
යමු දුෂිතයන් දැන් හඹ හඹා
අලුත් රටක් ශ්‍රී ලංකා කියා
වරෙව් හදන්නට අදුරේ නොයා

යාපා පටුනේ නඩරාජලා
මාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

හොරා කාපු චෞර හැත්ත බෙල්ල ළඟින් අල්ල ගන්න
දියවන්නා ඔයේ ඔබා කුණු කූඩෙට දාල එන්න

සාරෙ උරා හපකර ගිය මේ මව්බිම බේර ගන්න
යෝධ බැලැති වීර පුතුනි යදම් කඩා පෙරට එන්න

ලේ තැවරුණ දෑත් වලින් කඳුළු ගෑස් ඉල්ල ගන්න
වරෙව් යමව් හොරුන් රකින මේ බංකර බිඳ හෙලන්න

එපා එපා කෑලි කඩා මේ මවුබිම විකුණ ගන්න
හිඟා කන්න නොවේ අපට ඉඩක් දියව් හුස්ම ගන්න

වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ
වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply