in #GoHomeGota2022, Sadara Bandara

කාකි වහළුනි | Kaki Wahaluni by Sadara Bandara [2022]

කපා ඇති බැව් දැන දැනත් උන්
පරපුරක ඉගිළෙන තටූ
තරු හිඟා කන කාකි වහළුනි
රසද එතරම් මස් කටූ

රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූ
තරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස් කටූ

හිතට එකඟව හැකිද කියපන් රකින්නට තව රජ පුටූ
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

කෙළෙසනා’යුරු දැක දැකත් උන්
නීතියේ දෙවඟන ගරූ
පපුව මැද්දට කුමට වහළුනි
රතු ලෙයින් නෑවුනු තරූ

රතු ලෙයින්, රතු ලෙයින්, රතු ලෙයින් නෑවුනු තරූ
පපුව මැද්දට කුමට වහළුනි රතු ලෙයින් නෑවුනු තරූ

හොරුන් අභියස නමන්නේ තොපි යුක්තියට නොනැමෙන කොඳු
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

banner

Leave a Reply