කාකි වහළුනි | Kaki Wahaluni by Sadara Bandara [2022]

Sinhala song lyrics with music notes illustration

කපා ඇති බැව් දැන දැනත් උන්
පරපුරක ඉගිළෙන තටූ
තරු හිඟා කන කාකි වහළුනි
රසද එතරම් මස් කටූ

රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූ
තරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස් කටූ

හිතට එකඟව හැකිද කියපන් රකින්නට තව රජ පුටූ
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

කෙළෙසනා’යුරු දැක දැකත් උන්
නීතියේ දෙවඟන ගරූ
පපුව මැද්දට කුමට වහළුනි
රතු ලෙයින් නෑවුනු තරූ

රතු ලෙයින්, රතු ලෙයින්, රතු ලෙයින් නෑවුනු තරූ
පපුව මැද්දට කුමට වහළුනි රතු ලෙයින් නෑවුනු තරූ

හොරුන් අභියස නමන්නේ තොපි යුක්තියට නොනැමෙන කොඳු
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply