හේතුව | Hethuwa by Vidula Ravishara [2019]

Sinhala song lyrics with music notes illustration

අහසක් වගේ හැඟුමක් හිතේ පිරී
සුසුමක් පවා කවියක් වගේ…
අහසක් වගේ පහසක් ඔබේ ආදරේ
මා නැවතීලා ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරුවක් වගේ එළියක් හිතේ පිරී
කතරක් පවා උයනක් කළේ…
සංසාරයේ ළංවී රැඳී මා කෙරේ
රිදුමන් දැවූ ඒ ආදරේ…

සන්තානයේ සීමා බීඳී
රැව් දී රැඳී ගීයක් වගේ
මා හා එදා… ළංවී බැඳී…
උන් ආදරේ… ඒ ආදරේ

තරූ ඇස් ඉඟි පෑවා
මුදු හසරැල් නාවා
මායිම් නැති හීනේ
මා සිරකළා…

පෙම් සැමරුම් සේනා
ළංළං වී ආයේ
රහසක් සේ කීවා
ඒ ආදරේ……

සන්තානයේ සීමා බීඳී
මා නැවතීලා ඒ ආදරේ….

written by Saumya Sadaruwan Liyanage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply