ජයමර්ධනපුර වැනුම | Jayamardhanapura Wanuma by Manasick

Sinhala song lyrics with music notes illustration

බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්
එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්
මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්
වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්

පොඩි එකා වඩාගත්ත දැයේ පියා
තව පොඩි එකෙකුට නැති කලා තම පියා
ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!
කදිරගාමර් ගිනි අවියකින් තියා!!

වටින ජීවිත , ලෙයක හිරිකඩ
ප්‍රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ
ජනතා වරමෙන් මුඩුවුනු දුපත
රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත

අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම
අපි දැනුවත්වම උන් උපයයි වත්කම

මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
ඕමන්ත ප්‍රදාන මාර්ගයේදී පිවිසුම්
දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්
කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්

අසරණයි අපිට වඩා ක්‍රමය බලවත්
දර්ශනේ විකුණන් කනවනේ භගවත්
ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්
සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්

රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්
කරව , සලාගම , දුරව , හේන , මදනයොත්
නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත්
කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත්

පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්
වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්
දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
අධ්‍යපනේ අද කොලිනීසියයක්

ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ
යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ
රජා රස්තියාදුවේ , හිටං රස්තියාදුවේ
උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ

මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා

නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න

මෙහෙම තියන් බැහැ රටක් හදන්න

මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න

පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න…///

මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න

උඹල අවුලන ජාතිවාදී ගිනිවලින්
තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්
ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ
පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්

කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ??
අදික වියදමක් කරගන්න පිනක් හරි

තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට
සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට
පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ට
ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට

උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්
මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ
පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ
රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්

ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට
තොපිල ගියවේද වෙඩිකන්න උතුරට
ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට
ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට

අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි
අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි

ඒක නිසා බැහැ රටක් හදන්න !
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න

මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න

පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න…///

මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply