කන්‍යාවි | Kanyavii by Mihindu Ariyaratne [2022]

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී
නෑ නොමැරී කන්‍යාවී
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී
නෑ නොමැරී
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී
නෑ නොමැරී

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ වීදි පුරා
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්
මහපාරේ සෝපාකලා
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි
නෑ නොමැරී
කන්‍යාවී

කලු සපත්තු බයිනෙත්තූ
රතු පාටින් වෙඩි වරුසා
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්
ඈ හිනැහෙයි
නෑ නොමැරී
කන්‍යාවී

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී
නෑ නොමැරී කන්‍යාවී
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී
නෑ නොමැරී
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී
නෑ නොමැරී
කන්‍යාවී

Leave a Reply