සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]

Sinhala song lyrics with music notes illustration

🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය

මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.
එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි.

🔹 පළමු කොටස – කාලය වෙනස් කරන ජීවිතය

සොදුරිය කාලය කොතරම් නපුරුද
කාලය කොතරම් නපුරුයි ද
අද කාලයත් එක්ක වෙනස් වෙලා මචං
හුගක් දේවල් අද

ඉස්සර මම සයිකලේ පැද්දේ
වෙල මැද
අද වෙල නෑ හදලා උසාවියක් ඒක උඩ
අම්මයි මායි ඉස්සර යනවා කැලේ හයික්

දැන් කැලේ නෑ මායිම් ඇදලා ඉඩම් වලට ෆයිට්
කාලයත් පස්සේ එද්දී ගමට බැහැලා වලින් ෆ්ලයිට්
කොල්ලන්ට මාර සික්, කස් උන්ගේ පොකට් මාර ටයිට්
කාලයත් එක්ක වෙනස් වෙලා තමයි රට

🔹 දෙවන කොටස – සමාජය ගැන සිතන හැටි

ඒ නිසාම,
රට කොයි පැත්තට ඒක තමා මට මචං සැක
කේමදාස සර්ගේ මේ සිංදුව මම දැක
හිතුනු දේවල් මම ලිව්වේ ගුලිවෙලා කොනක ඇද

කාලය කොතරම් නපුරුයි ද
ඇදිරිය වැටිලා එලි වෙද්දී මේක හරි යයි ද
අපි වගේ දැන් කාලේ ලමයි ගුටි කයි ද
කාලා ගුටි හොටු පෙරන් මුං බුදියයි ද

🔹 තෙවන කොටස – පරිසරය සහ ජීවිත අර්බුද

එහෙමත් නැත්තං,
වැසි වැහැලා නාය ගිහිං මේක කෙලවෙලා
අනවසරෙන් බං ගෙවල් දැන් ඉදිවෙලා
අව්වේ සැරට අපේ රට යයි කරවෙලා
වැස්සක් වැස්සම ගං වතුර අපි හිරවෙලා

නිදාගන්න හිතෙනවා මට දැන් ගුලි වෙලා
හීන පේනවා මං කුරුල්ලෙක් වගේ මං ඉගිලිලා
ලස්සන රටක් මේක අපි පුතේ කෙලවලා
කාලයත් එක්ක මෙන්න මේ දේවල් දැන් වෙනස් වෙලා

🔹 සිව්වන කොටස – මතක සහ වේදනාව

ඊට පස්සේ,
සොදුරිය කාලය කොතරම් නපුරුද

මචං පෙරියමුල්ල හන්දියේ මාව බස්සන්න
සල්ලි නැතුව හොර පාරෙන් මාත් ගියා පන්න පන්න
ඉතුරු එපා මල්ලී ඒවා තියාගන්න

පුලුවන් උනොත් ආයෙත් එන්නම් දවසක බලලා යන්න
අතේ සල්ලි නැති කාලේ ලැග්ගා කඩපිල් ගානේ
විදවද්දී කරුමේ සතුටක් නෑ පෙනතෙක් මානේ

🔹 පස්වන කොටස – සත්‍යය සහ මිනිස්සු

එතකොට,
මම ඇදපු චිත්‍ර පාට කලේ මගේම කදුලෙන්
ඇන්ටා සදහටම ගියා බන් එන්නම් කියලා වරුවෙන්

කටුවපිටියේ තනි රැක්කේ මිනියක් තව මිනියකට
පන දුන්න යාලුවෝ සාප කල රැවටීලා කතිරෙකට
මල බතත් ඉව්වේ පල්ලියේ අපේ කරුමෙකට

🔹 අවසාන කොටස – කාලය ගැන අවසන් අදහස

අවසානයේ,
ප්ලේන්ටිය ගහලා හදපු සිංදු කොතරම් සොදුරුයි ද
ආස උනත් ගන්න බැරි කාලය කොතරම් නපුරුයි ද

සොදුරිය කාලය කොතරම් නපුරුද

written by Master D & Costa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply