විස්සයි විස්ස | 2020 by Momo The Rapper [2021]

Sinhala song lyrics with music notes illustration

ගිණි ඇවිලුණු බෝපත් සතරක
මැද මහ ලේ උනු වෙන සිත් මිස
අසිපත අත නැති කේසරයකු
නැත අන්ද මන්ද තනි උන උන් හිත් ලන
ගිනි ගන්න පිණි වැටෙනවා ධාර්මික
දැන් නම් මතකයි අපි අපෙ ජාතික
පිංසර හිත ගත ලත වෙන මනසක
කලුනික හොයනවා බොලා උන් හැමතැන
මතකෙට එන උප්පැන්නෙක ජාතක
ඉපදෙනකොට වැටෙනවා බොල නාමික
එදාපටන් හිතින් හිතන් අපි වැලලුනෙ
උන් දුන්න නිර්නාමික නාමික අවජාතක
කඩු කිණිසි කුමට තව මැරුමට තවකෙක්
ගැන නොහිතන නිරිසත් බව මතුරන්
පඩි නැගි නගින උන් අදින බිමට දමා
පාගල හිනා උනා නේද සකි දැන්
නිවටකමක සිංහ හම පොරවන්
උබ කරවයි දැන්නම් රජකම් සිරිකම්
දැන් මතකෙට මේ අපෙ ජාතිය
අපි නේද රකින්නෙ,මේ රට අපෙ නම්

රට ගැනද කතාන්දරෙ
වවං කාපු උන්ද රට කලේ
කතාවක් නැතිද මහජනේ
කෙලවෙල ඇයිද තව ඔහේ

ලක් ජන හිත ඇති මගෙ මාතා
පල් වෙනකොට දුක සැප අපෙ බේරා
බොල් වෙන පාලක හිස් බොල් මනසා
කරුමය අරුමය ලෙස උව පැමිණා
නිරුවත වහ ගෙන කට ඇරගෙන
වල් පල් දොඩන් බදන් සබදකම් මැද
මුල අමතක උනු විලි වියලි සංගෙට
සදාචාරෙ වැටිලද කබලෙන් ලිපටම
පට්ටම වටේට උගෙ පටි පට්ටන්තර
නැතිකම මුලට ඇගම විකුනන්නට
ගැල්වුනු රෙදි සරං ඇදං චීත්ත කාලෙට
අන්දන් ඇදන් ගැලවියන් හෙලු හෙලුවට
ඇසුරට සුරට සූදූ සුරාමේරෙට
මතුරට කරට කරවටක පතුලට
ඇසෙනට සරණයි සවනට පිහිටට
මගුලට බරට කරවටක දේපල
ජෝති පලාපල නක්ෂ නක්ශස්ත්‍ර
අපලෙට බෙල්ලට පිත්තල තහඩුව
නැත්තම් භාරය දෙයියන්ට යක්කුන්ට
තව අවුරුද්දයි උන් කිව් ආශ්චර්‍යෙට
මුලට මැදට හැමදා පුරානෝක්තියක්
සකල ජනන් හට වෙනවනෙ විහිලුවක්
කපන වනන්තර කතරක ඇරඹුමක්
යමට හදන්න වෙයි අලුතින් අපායක්
කියල පතලා වැදලා ගත්ත ගුණ කදාන්
ඇත්ත නැති රටක මොකටද පිල් බෙදාන්
පැත්ත හරි හැටිම දෙකට තුනකට බදාන්
නැට්ටෙ ඉදන් ගොම ගාගෙන නටාන්
පැත්ත ගියත් ඇත්ත කියන කට
මට්ටු කරන් කටින් බරට හිටවන්
පත්තු වෙන තොත්තු උණ්ඩයක රස්නය
කොට නම් උන්ට බොලා තහනම්
නිච්චි නැති පිච්ව් හොයන් වටෙන්
බලන් හිගං රහටත් කන්න වෙනවනම්
මන්ද මේ රටකට වෙන හරිහබ
නොතෙරේ සකි මට දැන්නම් තවනම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply