සියදිවි හානි | Siyadiwi Haani by Zany Inzane ft. Master D [2022]

Sinhala song lyrics with music notes illustration

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී

අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

සීමිත බලාපොරොත්තු අවම දුක
හැමදේම තීරණය කරද්දි අකුරු තුන
මේ පේන දේ නෙවේ තියෙන්නෙ වචන තුල
මේ භාහිර ලෝකේ සියල්ල තාවකාලිකයි

ඒවා පස්සේ ලුහුබැඳ නිකරුනේ කාලේ කයි
ඒ නිසයි මං ඈත් වෙන්නෙ බැඳීම් වලින්
ඒවා මාව දුර්වල කරලා දාලා යයි

උඹ පීනපන් කඩාගෙන ඒ දැල
හේතු හදන්න එපා පසිතැවෙන්න උඹ ගැන
ඉවසීමෙන් තේරුම් ගනින් මේ අනිත්‍ය
මරපන් උඹේ හදවත හඬා වැලපෙන

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී

අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

තා පිරි පැට වට බඹරය අද
වේලාසනින් වැහුවා දොර මම කාමරය
අතපසුවන්නට කෙනෙක් නැති මතකය
තව මුමුනන්නට

කෙනෙක් ඇති මිතුරම ළඟින් මගේ
අන්තිම තීරණේ ගන්නම් මං රිදුනද
යන්තමින් හරි දැනන් උන්ගේ හිත රිදුනද
නින්දට හේතුව නුඹේ හිත ඇඳුනද

ලස්සන බුදු බණ නුඹේ හිත රැඳුනයි
රිදවාලා විග නුහුරු තිඹිරි පත්
හිස මදවාරුයි ගමන කෙලපෙරෙන හිත්
ඇති අතාගාමින් සැපට සති ගනං මං මත්
මගේ රට පාරුවෙන් අඳින කල සැමට තත්

දුක කසා පාරක් නෙවේ දැන් ගත්තා මං මගෙ රත්
මට කටපාඩම් නිතර ඇසුණු බුදු බස්
ඉතිම් හිත පාගා නැගෙන කලු අකුලු ගස්
කෙලතර පාලා බලන්නම් බරද මට මං

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානි
ඉපදෙන්න ලේසි නෑ මිනිසා වී
ආසා දේවල් හැමදේම දැන් එපා වී
එපා වී

අඳුරේ මම තව එක රැයක් ඉවසාවී
මාව මගෙ මනසම අමතාවී
මට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්
හිත වැරදුන තැන් විමසාවී

Written by Master D & Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply