අදුරු මතක | Aduru Mathaka by Niyou Ganz [2022]

Sinhala song lyrics with music notes illustration

මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ

සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ

පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං

උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
ආහ්… ගත්තෙම නෑ මං පක්ෂයක්
අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්

ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ

ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
හැමදේම ස්ලිලි කොලයට යටනම්
හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං

එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි

මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්

තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
දුප්පත් කම යන ඒපාලු කතරේ
තනිවුනේ මම අද පාලු දිවි කතරේ

මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ

දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව

අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්

අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
සමහරු කිව්වා උඹ චරිතයක් විකට
දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට

මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු

විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply