ආලේ මිහිර පෙන්නා | Aley Mihira Penna by H.R.Jothipala

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා

මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

Leave a Reply