in #GoHomeGota2022, H.R.Jothipala

ඇල්හේනෙ පැල් රකිද්දී | Alhene Pal Rakiddi by H.R.Jothipala

ඇල්හේනෙ පැල් රකිද්දී – කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ – මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

මල් රේණු රේණු උරලා – පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා – ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා – ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ – ඔබ නෑ දයාවි දන්නේ

පොඩි පරවියෙක් ඇවිල්ලා – මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා – උන් එව්වේ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා – හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී – තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

ඔබ තනිව උන්න යාමේ – ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි – දැන් නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා – මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී – දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා – එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා – ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ – මතුදාත් ඔබ ලැබේවා

banner

Leave a Reply