වස්සානේ | Wassane by Shihan Mihiranga

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා

වහින්නේ, වස්සානේ… ළමැදේ ගුලිවෙලා
ඔබ දඟකළා, උනුහුම හොයා
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා
හොරකම් කලා හිමිකම ඔයා

වැහි හලා කළු වලා අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා
හොරකම් කලා හිමිකම ඔයා

Leave a Reply