අඩමාන කතා | Adamana Katha by Dinelka Muthuarachchi [2022]

Sinhala song lyrics with music notes illustration

නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑ
මේ ආලෙන් නෑ ගැලවුම් මට නෑ
මේඝ කලුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

කොඳ වරුසා මැද හැඬුණා රෑ අඳුරේ
මම තෙමුනා නෙතු තෙමුණා අලුයාමයේ
මග හැරෙනා බව දැනුණා මේ භවයේ
අත හැරෙනා වග හැඟුණා අවසානේ

දවසක ආයෙම මතුදා
නුපුරුදු සේ මුණගැසුණා පෙර දා වගේ
අපි අපි ගාවම නොතියා ගිය
හුරු ප්‍රේමය තිබුණා නොමැකී හිතේ

මේඝ කලුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

written by Yashodha Adhikari

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply