දඹුලු සුළඟ | Dambulu Sulanga by Dilshan G ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

රෝස පෙති වල පාට මැකුණා
ලිවූ කවි පද බොඳව පෙනුණා
කඳුළු හැමවිට වැටුණු තැන් වල
අහිංසක මල් හීන පිපුණා
අයිතියක් නැති අයිතියක් ගැන
හිතේ හරියට හීන තිබුණා

නුඹේ නෙතු ගැන ලිවූ කව් ගී පිරුණු කඩදහි හුඟක් තිබුණා
තිලිණ කළ රතු රෝස මල්වල සුවඳ පවනේ එතී තිබුණා
නුඹේ හසරැල් මැවී අහසේ සිතින් මා දුර ගිහින් තිබුණා
දෙනෙත් විවරව බලද්දී
ඝණ කලුවරින් නුඹ වැසී තිබුණා

ලොවම සැතපුණු අඳුරු රෑ නුඹ පුරුදු උණුහුම සොයනු පෙනුණා
දඹුලු සුළඟට වඩිනු කියමින්
ලැගුම්කුටි දොර විවර කෙරුණා
සසර තුරු පෙම ඇසිල්ලක එක
යහන මත අමතකව තිබුණා
දුටුව හැම සිහිනයම අළු වී
මගේ පා මුල විසිර තිබුණා

written by Dilshan Gamage

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “දඹුලු සුළඟ | Dambulu Sulanga by Dilshan G ft. Tharindu Damsara”

Leave a Reply