ඉරුණු අත් තටු | Irunu aththatu by Indrachapa Liyanage ft. Raj

අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ

කෑ ගසා හඬා.
රස රිසි ලෙසේ… රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ. ඇයි ගියේ

රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ…

බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ… හැර ගියේ

Leave a Reply