දහඩියයි කදුලුයි මේ මහ වැස්සයි
ඉදිරියේ ඇදෙනා හැමදේ අමනුස්සයි
දෙවියන් සිහි නොකලේ අතලොස්සයි
මා නුබ හමුවෙන්නට තව ඇත්තේ දවස් විස්සයි
සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ

සිහිනෙන්වත් නුඹ දැකගන්නවනම් අරුමයක්
ඇස් පියාගන්න බෑ මහ කරුමයක්
එළිය වැටෙන්නට මත්තෙන් මගෙ පණ ගියොත්
මගෙ මැණිකේ නුඹටයි මගෙ පැටවුන්ටයි මං ආදරෙයි ගොඩක්
සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ
සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ
written by Piyath Rajapakse