දේවදූතියක් | Dewaduthiyak by Mihiran [2025]

මධු විත විඳි රෑ වෙරළ තලේ

ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ

සඳ සිසිලයි මා සිත පතන සුවේ

ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ.. //

ඇත සිත ඉඩ දී මා

නෙතු කැන් පියවී

සුව යහනකි ඈ ලැම – ගතට දැනේ

දේවදූතියක් දෙනෙත පිනාවී

ඒ හසරැල් හිමි මටද නුඹේ

මධු විත විඳි රෑ වෙරළ තලේ…

ලවැලි තලාවේ – හමු වූ වෙලාවේ

නුඹේ දෙතොලින් පවසන හැඟුමන්

හැකිද වලාවේ – ලොවම මුලාවේ

දමා නොගෙනු හෙට දින අළුයම්

නොවනු සඳේ මේ රැය අවසන්

මධු විත විඳි රෑ වෙරළ තලේ…

written by Mihiran

Leave a Reply