මා දෙපාරක් | Ma Deparak by Mihiran [2024]

Sinhala song lyrics with music notes illustration

කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
නුඹ නොසිටි දින වල – මට දැනුනා සීතල
නොවෙනස්ව ඉන්නවද අහස – මට අවැසි උණුහුම

නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ//

අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය
නුඹ නුඹම වූ තැන – එයයි මට වැරදුණු තැන
“අපි” කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන

නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟේ මට සැනසුමක් නොදේ…

මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රියේ
මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ
හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ
මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ
ඇහුනද,
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මේ ඇහුනද,
නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ

written by Mihiran

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply