සුරත් සුවය | Surath Suwaya by Supun Perera ft. Charitha Attalage

Sinhala song lyrics with music notes illustration

නිල් වරල පුරා
මල් අතුරලා බිඟුන් මත් කරන
රන් මුව මඩලින්
රැස් විසිරැවා
තෝඩුන් දිදුලවන

නම්නාද දී යන සත්ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඩිනා
දෙව්ලියේ ඔබ කවුද

ශෘංගාරී මගේ
හද විල් තීරයේ
බැස කිමිදෙන්න

දැහැනින් බැඳඋන්
සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න

මල් මකරන්දයෙන්
නා දලු තෙමා
මීවිත බොන්න

පෝසඳ අසලින්
පුන්සඳ තියා
සාවුන් සිපගන්න

හද හද බැඳී ගත ගත වෙලී යන
මේ රැය පුරාවට-වීණා වැයුමට
සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද?

ශෘංගාරී මගේ…

මේ නදුන් උද්‍යානයේ
දැහැනින් සුව වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරිය නුඹ නිසාමද

ශෘංගාරී මගේ…

දැහැනින් බැඳඋන්…

written by Sadara Bandara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply