උවමනා කර තිබේ | Uwamana Kara Thibe by Tharindu Damsara [2024]

කලු පාට අයිලයිනර් උඩ ගොඩගැහෙන
මුතු පබලු අමුණා වැලක හැඩ බලන්නෙක්
‍රෝස පැහැ ලිප්ස්ටික් හෙමි හෙමින් සීරුවට
දෙතොල් මත අතුරා බොඳ කරන්නෙක්
ලේ වලින් නළලතේ සින්දූර් තියන්නෙක්

කෙටි කැරළි කොණ්ඩේ පෝනිටේල් දැම්මම
සුදු නෝනා ලස්සනයි කනට කර කියන්නෙක්
දකුණතේ එල්ලගෙන ගාලු පාරේ කොනට
හීන තරු ඇහිදිමින් හැල්මේම දුවන්නෙක්

අංගයක් ලිංගයක් ජාතියක් ජන්මයක්
කිසිවක්ම නො බලා ප්‍රේමයෙන් බැදෙන්නෙක්
නීතියක් රීතියක් නොසොයාම ආදරේ
මරණයේ මාවතේ රමණයේ යෙදෙන්නෙක්

written by Chathurika Vinodi Perera

Leave a Reply