මඩකලපු හිනාවක් | Madakalapy Hinawak by Tharindu Damsara [2024]

Sinhala song lyrics with music notes illustration

මඩකලපු හිනාවක්
කඩින් කඩ මා දිහා බලයි
සෙල්මුවා රුවක් මෙන්
හිනාවෙන හැටි පවා අමතකව
වික්ෂිප්ත මෙ’කෙලවර මම යි

ජනෙල් වීදුරු යටින්
දියබරිත සීතලක්
සියොළඟ ම එති එතී වෙලෙයි
වන දුර්ග කළුවරේ මොනර ගී ගායනා ඇසෙයි
වියළි මඟ පස ලැහැබ
අත වැනූ වැහි ලකුණු ළඟයි
ඔබ යළිත් සිනා මුසු උණුහුමින් මා දල්වමින් නිවයි

එකෙනෙහි ම ඔබ යමක් අසයි
නුහුරු බසකින් යළිත්
යළි යළිත් ඔබ යමක් අසයි

මේඝ ගර්ජන හඬක්
අපි අතර හරි මැදින් දිවෙයි
දෙ කඩ වු මැදිරියක කෙලවරක් මා සමඟ
පොළෝ කුහරය තුලට ගිලෙයි
දහසකුත් වේදනා විලාපය අතරින්
වියෝවන මට ඔබව පෙනෙයි
ඔබ දැවෙයි

භූමිතෙල් සුවඳකින් වායුගෝලය පිරී
එකවර ම හුස්ම තද කරයි
ඔබ දැවී අළු වෙවී නිවෙයි
මම පොළෝ පතුලට ම ගිලෙයි

written by Gagana Warnakulasooriya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply