සිතුවිලි යහනේ | Sithuwili Yahane by Devashrie de Silva [2019]

Sinhala song lyrics with music notes illustration

සිතුවිලි යහනේ නොනිදන සිහිනේ
පැටැළුණු රැහැනේ තනිවෙමි දැහැනේ
ඒ අඳුරු මායාව සංතාප සේයාව
සන්තානයේ වෙළුනේ
මා සොයනු කෙසේ
මග සොයමී මෙසේ

රෑ මඟහරිමි හෝරා
මා මතකය ම පාරා
විලාපය නඟනා වේදනා
නින්නාදයේම සැඟවුණා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

රෑ මඟහරිමි හෝරා
මා මතකය ම පාරා
විලාපය නඟනා වේදනා
නින්නාදයේම සැඟවුණා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

ඒ සෙවනැලි ඡායා
පෑ විඩාපත් මායා
යදම් බිඳ දමනා චේතනා
ද්වාරය වේමැයි සැමදා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

ඒ සෙවනැලි ඡායා
පෑ විඩාපත් මායා
යදම් බිඳ දමනා චේතනා
ද්වාරය වේමැයි සැමදා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply