in Ruhunuketha Dhammadewa Thero, Tharindu Damsara

අරලිය | Araliya by Tharindu Damsara [2025]

පෙම් කතාවක් තිරය පිටුපස අහිමිවූයෙන් කරලිය

එක ට නැසෙමුයි ගිවිසගත් පසු වෙලී පැටලෙයි තුරු’ලිය

දෑත් පා බැඳ ප්‍රපාතයකින් වැටී පහලට පෙරලිය

ශෝක සංවේදනා දනවන මලක් වෙන්නෙම් අරලිය

හැකිව තිබුණානම් කියන්නට ප්‍රමාණය පසු කිරූ

බරින් වැඩි වූ හැඟුම් ගොන්නකි නුඹ අතින් ඒ ඉරූ

බිඳී විසිරී යනු නිමෙත්තෙන් නිරන්තර කල් පිරූ

හුරු පුරුදු දේ මගහැරෙන්නට හේතු පෙර නොවු විරූ

තබා රැකුමට සන්තකයෙහි ම වෙන්න ඕනෑ සතු

ස්වල්ප මොහොතින් නිහඬ කරවයි විෂ සහිත වූ හතු

දැන දැන ම ඒ වේදනාවන් අයිතිවෙන බව මතු

කිසිම බෙල්ලෙක් නතරවුන් නෑ ඉපැද්දූවා මුතු

written by  Ruhunuketha Dammadewa

Leave a Reply