තඹර කැකුලක් | Thambara Kakulak by Harshani Ishara [2025]

Sinhala song lyrics with music notes illustration

සුදහ ගින්දර නිවා ගන්නට
දිවුල් රුක් මුල ඈදි ගත්තද
පෙරත් එක රජ කෙනෙක් පෙම් බැඳි
උදුම්බරා දේවිය නොවේ මම

දුලාවත් වී බැලුවත් වත පබාවත් දේවිය නොවේ
සාල වනයේ ගී ගැයූවද ගෝපිකාවන් හෝ නොවේ
මානවත් වූ මහා නිරිදුනි වහසි බස්
නො කියවා කට මැත
ගෙවී ගිය සලු පට අගේ මට වසා ගන්නට නග්න තුනු මැද

දහස් සසොබන අප්සරාවන් තවත් වී නම් අලක පුරවර
නොතින් මන දොළ පුරා ගන්නද
ගෙන ගියේ මා බිසෝ මගුලට
කිරීටෙන් නුඹ වසා සිටිනා ශ්වේත වූ නර කෙස් සියල්ලම
මුලින් උපුටා සිඳ දමන්නෙමි යනෙන දා මා පවුරු සිඳ බිඳ

මානවත් මහරාජයාණෙනි
සාප කරනෙමි මහා වන මැද
සොලොස් වස් වූ තඹර කැකුලක්
තලා හප කර බිම හෙලූවට

written by Chathurika Vinodi Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply