බුදු බණක් කියන්නට | Budu Banak Kiyannata by Edward Jayakody

A mother’s devotion and Buddhist sacrifice.

Song Lyrics

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

Song Information

  • Song Title: බුදු බණක් කියන්නට (Budu Banak Kiyannata)
  • Artist: Edward Jayakody
  • Lyrics: Ananda Hewaranhindage
  • Genre: Sinhala Buddhist / Devotional Song
  • Language: Sinhala


Song Summary

A deeply emotional Buddhist devotional song portraying a mother’s sacrifice and spiritual joy as her son follows the path of the Buddha.


Song Meaning

“බුදු බණක් කියන්නට / Budu Banak Kiyannata” describes a profound moment where a son returns home not as a child, but as a monk preaching the Dhamma.
The song reflects a mother’s inner conflict—her natural maternal affection versus her spiritual pride and self-restraint.
It beautifully captures Buddhist values such as renunciation, impermanence, compassion, and the ultimate wish for enlightenment, even at the cost of personal attachment.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Budu Banak Kiyannata?
The song focuses on Buddhist devotion, parental sacrifice, and the spiritual journey toward enlightenment.

Who wrote the lyrics of this song?
The lyrics were written by Ananda Hewaranhindage.

What makes this song emotionally powerful?
Its portrayal of a mother suppressing her love to honor her son’s spiritual path resonates deeply with Buddhist and cultural values.

Is this song religious or cultural?
It is both—a Buddhist devotional song deeply rooted in Sri Lankan culture and family values.

Leave a Reply