ප්‍රේමයේ | Premaye Mandahasini by Karunarathna Divulgane

Sinhala song lyrics with music notes illustration

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්රේප්‍රේමයේ මන්දහාසිනී…

තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී…

මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
පාව යයි, සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි, සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී…

Song Summary

The song celebrates youthful love as a dreamy, gentle force that makes life feel beautiful, peaceful, and full of romantic wonder.

Song Meaning

This song poetically portrays love as a soft smile that awakens youthful dreams and transforms life into something light and flowing. The beloved is compared to stars, moonlight, cool breezes, flowers, and sweet wine, all symbols of emotional comfort and sensual warmth. Love here is not loud or dramatic, but calming—able to erase fatigue, soothe the heart, and slow time itself. The imagery of night, nature, and shared intimacy reflects a moment where the world fades away, leaving only romance and emotional connection. Overall, the song expresses how pure love makes life feel effortlessly beautiful and worth drifting through.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply