සඳ අප ලඟට වෙලා | Sanda Apa Langata Wela by Mervin Perera

Sinhala song lyrics with music notes illustration

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සිහින කොදෙව් පුරා
මල් සුවඳ සිහිල උරා
මඳ පවන පැමිණ රැඳිලා
අප දෙදෙන වසා උන්නා
මතක පොතේ පිටු අතරේ
ඔබගේ සතුට රැඳිලා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

තඹර කැකුලු හඩා
යලි සැනින් සිනාසුනා
බිඟු තුඩක රිදුම ඉවසා
නෙතු යුවල වැසී තිබුනා
සතුට දරා නිසල වුනා
සුවඳ සුසුම් දැනුනා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ
සඳ අප ලඟට වෙලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply