පබසර රන් පබලු | Pabasara Ran Pabalu by Mervin Perera

Sinhala song lyrics with music notes illustration

පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
ගඟ බැස ඒ
සයුර බලා
හිරු හිනහේ
නෙලුම නෙලා
නෙත සිත හා
එකතු වෙලා
ඔබ දැකුමෙන්
උමතු වෙලා


පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
කළුවර රෑ
රළු අහසේ
තරු වැල හා
අඩ සඳ සේ
නොපිරුණු මේ
හිතට මගේ
ඔබ ගෙන එයි
සතුට අගේ
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply