දිගැසී | Digsi by Raween Kanishka

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

නීල උත්පල නයන
පෙර දිලිසී
කෝල පෙම්බර බැලුම්
කෝ අඩැසී
දෑල නෙතු නිල
දියවෙලා රතැසී
කෑරම නුඹ රළු
මසිත සැරසී

මාව විතරම පැතූ
සද සරසී
නෑර හැම භවයෙදීම
නුඹ අවැසී
ගාව ඉන්නට
නිවී සිත සැනසී
සොයා එන්නද
හැර ඔටුනු සිරැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

Leave a Reply