සෙවණැළි | Sewanali by Ayeshmantha & BlueWest [2019]

Sinhala song lyrics with music notes illustration

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා

තනිකර මම තනිවෙලා
මගෙ සිතුවිලි වලටම මම රැවටිලා
මගෙ ප්‍රශ්න කාට කියන්නඩ
වෙන්නෙ ලියන්නඩ
කඩදාසි කොල මිටි මදි වෙලා
පසුතැවිලි මතක නොමකෙන දෙවල් නොපෙනෙ මානෙ හිරවෙලා, මග නැවතිලා
ගිනි ගන්න මනසට හෙතුව හදවත මෙල්ල කරගන්න බැරි තැන ගලවලා වීසි කලා


යාන්තමට දුර දිනුම පෙනකොට කාන්සියට මග නැවතිලි නැ
මම ආන්තිකව මැන බලන්නෙ හැමදෙම මාන්සිකව දුර්වල නැ
සරලව හැමදාම වාසනාව නැ ලැබෙන්නේ නරක දවස් වෙන්නෙ කරුමෙ හරස්
අදා මාව දාලා යාවි ඈ මගෙම වැරදි කියන් අඩු පාඩු හොයන්
මම පෙරළි පෙරළි ඇඩුවදෝ
නෑ මාව දාලා යනවානම් දොර open
මමනේ ගහන්නේ ගේම එක මට normal
ලැබෙන්නේ මටනේ පෙර කල දේවල්
මිනිස්සු බලන්නේ අම්මා විකුණලා හරි සල්ලි හොයන්න නෙවේද
පැටලී පැටලී වගේ නූල් බොලේ සුන්දරම නෑනේ ජීවිතේ කියන තරමටම
අපිනේ දන්නේ අපි ගහන රෝල එක වාගේ පිළිගන්න බැරි
ගොඩක් දේවල් ඇස් පනා පිටම වෙද්දී
මාව තනිවෙද්දී මිනිස්සු ගැන කියන්ඩ පුළුවන් ඇබරෙද්දී
තමන්ට කෙලවෙද්දී පළාතක බල්ලෙක්වත් නෑ
හිටපු යාළුවො අදුරන්නත් බෑ
පිලිගනින් එක තමා ඇත්ත මවාගෙන බඩගින්න නිසා කන කට්ට සිරාවට

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා
ආයේ උණුසුම විඳි උරුම තනිකම
මා ආයේ නොඑනට සැලී
මග අතරින් ආයේ ආයේ මා

දෙවැනි වතාවේ තිබ්බ උණ්ඩ පුස්
තුන්වැනි වතාවේ ගන්ඩ පුලුවන්ද පළි
නොදැන කරනවද වැරැදී තව තව මගේ දිවිය තුලම අදිනවා බලි
මම ඉන්නේ ළිඳ පතුලේ වැටිලා ගණ අදුරේ හැදිලා උන හිත මමද හරි
මම නෙවෙයි හරි මම කපාගෙන මගේ වල වැටීලම පෙනෙනවා කියවන නරි
අපි යන්නේ තනි පාරක දෙපස පිරිලා මාරක
තනියෙම හදාගෙන යන මාවත කටු පදුරු මතින් දිනුමම ගාවට
අවසර රතු පාවඩ ස්තුති කතාව කරන්නට අවසරද මා හට
අමතක මට කාවද හැමදෙනා සිත ගැබුරෙ රැදිලා රතු පාටට
ඉර ගාවට යන්නම මවන හීන පිච්චිලා අලුවෙලා


හැමදාම කන කටු වල බරට තව නැවිලා පැවිලා රිදිලා දැන් තුනටිය ඇදවෙලා
මැලවිලා මූණ කලුවෙලා සිනුදු අත් මගේ අද රළු වෙලා
ඔලුව රිදෙන තැන ගලවලා අතට ගෙන හරි කරනවා වැඩ මම නැහැ නැවතිලා
දුකට ඇස් වෙනවා රතු මට නොලැබූන දේවල් ගැන දුක නැතිලු
නිදහස් මට ලැබුනා තට්‍රු තටු වලට ගහලා කටු වැටකඩුලු
කතාවේ වීරයා මැරෙන්නේ නෑ ලේසියෙන් හතුරා කෙතරම් උනත් දරුණු
කිසිම දෙයක් ලැබෙන්නේ නෑ ලේසියෙන් මහන්සියේ ප්‍රථිපල නැතිලු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply