ගීතයේ ආරම්භක හැඟීම
හදවතට කතා කළ සංගීතෙන්
දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්
දෙසවන පිනවීමෙන්,
දුක අමතක වීමෙන්,
හීනෙක තනි විමෙන්,
ගැළවෙන්න වේදනාවෙන්,
එසේ වුවත්
ඇවිලෙන හිත පැත්තක තියල
නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න
ඇයි බලන් ඉන්නෙ තව දුක් වීමෙන්
සංගීතය සහ ජීවිතය
ඒ අතරම
අපි දුන්නා සින්දු මත්වෙන්න කන්වලට
තාම ඇහෙන්නෙ ඒ සද්දෙ හිත්වලම
රැඳිල නොමැකෙන ලෙසම තවම
එම නිසා
මැරෙන දවසක ඇති සතුට හිත්තුලම
සරල ජීවිතේ…
හීනවලට ණයගැතියි මම
ජීවත් කරවනවට මාව
ලස්සන දවසක් එයි ළගදිම
පෙර පින් පල දීම…
මනස සහ අභ්‍යන්තර ගමන
ඉන්පසුව
හිඩැසකි මනසට වදය දැනිලා
රැවටුණා කලෙකදි රස මිදි වැලක
පැටලී මම තනි ගමනක වැටී
මේ අතරතුර
වෙනස වැටහී නැවතුණා
එක තැනකදි… ආහ්..
දුර ගමනක අපි තාම…
මහන්සි නෑ තාම…
දුවනවා හැම දාම…
අඳුර සහ බලාපොරොත්තුව
අවසානයේ
කතාවෙ අවසානේ දැනේවිද සැනසීම Boy?
දෑස පියාගෙන,
තදින් මවාගෙන,
හිතින් අඬාගෙන,
ගැන ගැන යන්නෙ දඩාවතේ
මතින් කපාගෙන කලුවර
පොළොව මත වැටෙන හඳ එළියකින්..!!
දරාගෙන හිතින් භයානක
දවස් ගෙවුණෙ හරි හිමින්
බලාගෙන් ඉන්නෙ ඇඟිලි
ගනිමින්
අපිටත් දවසක ඉර පායයි ඉතින්…
සමාජය සහ ජීවිත සෙල්ලම
තවද
හීන මවාගෙන ජීවිතේ
හොයනවා ආසම දේ…
උඹෙ පාවෙන ජීවිත
තේරුමක් නෑ
අවතාර වගේ…
අපි තාම කෙළින්
පෙර වාසනාව
කැරකෙන්නෙ වටේ…
අපි කියන කතාවේ
මුල මැද අග
තනිකරම සමාජේ…
රැප යද්දි අයාලේ
කරගන්නෙ කසාදේ…
අපෙ කටහඬවල් හානිදායකයි
වැඩිම ගාණ
සංඛ්‍යාත පරාසේ…
written by OOSeven & Zany Inzane
Song Summary
A reflective rap about using music to escape pain, confronting inner struggles, and navigating society while holding onto hope and personal growth.
Song Meaning
Written by OOSeven and Zany Inzane, the song explores how music speaks directly to the heart—helping numb pain, forget sorrow, and survive loneliness. At first, music feels like an escape, a way to get intoxicated emotionally and drift away from suffering. But the song quickly challenges that comfort, asking why we remain stuck in pain instead of restarting life from where we stopped.
As the lyrics progress, the focus turns inward. The artists reflect on mental emptiness, deception, solitude, and moments of realization that force them to pause and reassess. Life is portrayed as a long journey—tiring at times, but still moving forward. Darkness, fear, and confusion are constant, yet hope appears symbolically as moonlight falling on the ground, reminding us that even slow days pass and a sunrise will come eventually.
The final section widens the lens to society. Dreams, ambition, confusion, and meaningless routines are questioned, while life is described as a game shaped by social structures. Rap itself is framed as a disruptive voice—often labeled “dangerous”—because it speaks uncomfortable truths. Overall, the song is a philosophical reflection on music, the mind, society, and resilience, emphasizing that while pain is real, awareness, honesty, and hope keep us moving forward.