දුවනී | Duwani by Mihindu Ariyaratne [2017]

Sinhala song lyrics with music notes illustration

හිතෙනවා මමත්… පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ

කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමිනැතත් මට වන්නට…
පිය උරුමේ…
නොවුනත් ඇය මගේ දුවනී…
අපි මැවූ… සිහිනේ… සිටියේ ඇයයි

අපි මැවූ සිහිනයේ නිම්හිම් සොයා…
අදවූනත් මා සිතින් යනෙනා නිසාආආආ…
නම නොදන්න මාගේ දූවනී…
මම නොදන්න මාගේ දුවනී…
අපගේ හීනේ හැඩකෙරූ කුමරී…

පෙම්වතී… ඇය පෙර මගේ ලෝකයේ…
වෙන්ව ගියේ අපි පිනක් මදිවී නොවේ…
ඇය මවක් වී… අද ගොඩනැගූ ලෝකයේ…
ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ…

දුර ඉඳන් හිතතුටින් ඉන්නම් බලා…
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසාආආආ…
මා නොදන්න මාගේ දුවනී…
මා නොදන්න මාගේ දුවනී…
අපගේ හීනේ හැඩකෙරූ කුමරී…

හිතෙනවා මමත් පියෙකුවුවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ…
කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply