විල්පත්තුවේ විලාපය | Wilpattuwe Wilapaya by Mihindu ft. RapZilla & Ratta

Sinhala song lyrics with music notes illustration

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

දෙවි බුදුන් පහසලත් කදුකර
මත හිද ගලන
දිය දහර නොසිදෙන
පිරිසිදු පවන
ගෙනෙන වන අරන
හමයි දස අත අප දහදිය නිවන

විහගුන් රගන
නීල උඩු ගුවන
උන් ගයන මිහිරි ගී
දෙසවන පිනන

සුන්දර රට මුතු කැටයකි ලොවට
ඉපදුනේ මේ ලංකාවේ අපි පෙර පිනකට

මිනිසුන් වෙලා පය තැබුවට මේ පොලවට
මනසුන් වුන උන් කරයි මහ වැඩ පවට
කපා කොටා දාලා මහා කැලෑ මරුවට
පඩිසන් දෙනවා සත්තයි යකෝ
උඹ කරන පව් වලට

පටන් ගත්තේ විල් පත්තු කරලා පත්තු
දැන් කරන්නේ සිංහරාජ කැලේ මට්ටු
ලෝක උරුම මේවා ලංකාවේ තියන වස්තු
කපලා කොටලා දාලා රජ උනත්
දෙයියෝ කරයි මට්ටු

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

අවසන් ගසත් සෙවන දුන්නා පොළවට
කුරිරු පොරව පහරට ලක් වෙන දවසට
අවසන් දිය බිදත් හිදුනු විට බව
දැනෙයි කන්න බැහැ සල්ලි බඩගින්නට

මහ කැලය අයිති අපටද
නැහැ මහ කැලය අයිති මේ මහ පොළවට
මහ පොළවට වින කරන තරමට
තොන්ඩුව තද වෙන්නේ අපගෙම බෙල්ලට

බල්ලට ගිය ලංකාවේ දේශපාලනේ
බිල්ලට දුනේ මුළු රටේම අනාගතේ
අවස්තාවාදී කාලකන්නී රජ යන රටකට
තියනවද කිසි බලාපොරොත්තු හෙටකට

පාපතරය වග කියපං මිහිමවගේ චිතකෙට
දැල්වෙන චිතකේ ගිනි දැල් බලපං
අහපං අදෝනාව ලක් මෑණිගේ
නිරුවත් මලකද දැන් විකුණගෙන කාපං

අදුරු අනාගතය වෙලා ගත්ත සාපය
පාරාදීස දීපය වනසන මනුතාපය
රුදුරු මිනිසුන්ට සෙවන දුන්නු පාපය
මේ මොර දෙන්නෙ විල්පත්තුවේ විලාපය

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

ලංකා මෑණී ප්‍රාණය මාගේ
දෙවියන් දන නමනා
නිල්වන් භුමි රුධිරය ඈගේ
ජීවය රකිනා

කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේ
සලුපිලි ඉරලා
මව් මරනා කුමරුන් වේද අපි
වද හින්සා පමුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply