අහස සේ ඔබ | Ahasa Se Oba by Nanda Malani

Sinhala song lyrics with music notes illustration

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි…ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ…
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply