දන්සල් දොරෙහි | Dansal Dorehi by Nanda Malani

දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ…
පන්සිල් රකිති මැරවරයෝ…
මේ කේතුමතී නුවරයි…

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි

Song Summary

A satirical yet poetic song that portrays an idealized city of perfect justice and harmony, subtly exposing irony by contrasting it with real societal flaws.

Song Meaning

The song describes a mythical, almost utopian city called Ketumathi Nuwara, where everything appears morally perfect and orderly. In this city, there are no beggars at charity stalls, criminals observe religious discipline, laws are followed precisely, and justice is always fair. There is no corruption, discrimination, poverty, or social division—money holds no power, and art, knowledge, and humanity are valued above all else.

However, beneath this seemingly flawless description lies strong satire and irony. The exaggerated perfection highlights how far real society is from such ideals. References to violence masked as celebration, fear hidden behind comfort, and obedience without compassion suggest that this “perfect city” may be an illusion rather than reality.

Ultimately, the song serves as a social critique—using an imagined utopia to reflect on hypocrisy, moral contradictions, and the deep flaws of modern society. It questions whether such a city can truly exist, or whether it is only a comforting fantasy people cling to in the face of injustice.

Leave a Reply