හද විල කලඹන | Hada Wila Kalambana by Nanda Malani

Sinhala song lyrics with music notes illustration

හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසේ තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑත දි බැලූ වට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

nanda malini,nanda malini songs,nanda malini nonstop,nanda malini new songs,nanda malani nonstop,nanda malani songs,nanda malani best songs,sinhala remakes,nanda malani songs collection,sinhala classics,sinhala classic songs,sinhala song,sinhala old songs,sinhala songs,tharuda nidana maha ra,top sinhala songs collection,new sinhala songs,best sinhala songs,rohana weerasinghe,sinhala old songs nonstop,sinhala sindu,sinhala,official remake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply