අහිමි | Ahimi by Ayeshmantha ft. OOSeven, Zany & Uzi Senadheera

Sinhala song lyrics with music notes illustration

දස වසරයි අම්මා නිහඬ වෙලා
අද වගේ මතකයි ලෝකේ විහිළු කළා මට
අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න
කවදාවත් තාත්තා මාව තනි නොකළා
අපේ අප්පච්චී මාව නලවද්දී
කිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්ති
කියා ගන්න බැරි වේදනාවක් හංගගෙන හිත ඇතුලේ හිනාවෙලා හිටියා මං ලොකු වෙද්දි

නොදැනුවත්කමින් ගියා මමත් වැරදි පාරේ
කුතුහලේ නිසා ආසා කළා සිගරට් දුමට
හැමදේම තේරුණා මට හොදට
තාත්තා ගැහුවෙ තරහට නෙමෙයි හිතේ දුකට
ගත වුණා කාලයක් පොරොන්දු කැඩුණු
මම නිසා හැදුණ ද අපි අතර පරතරය
තාත්තා කුඩම්මා ව ගෙනාවෙ මං නිසා
මට දෙන්න සෙනෙහස තව දෙවෙනි මවකගේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා
මං වෙනුවෙන් ලෙය කිරට හැර වෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

කවදාවත් වෙනස් කමක් නෑ කළේ
ඇගේ ආදරේ මාව වෙනස් කළා ඉක්මනින්ම පාසලේ
හැමදෙනා ප්රශංසා කරද්දී ඒ දෙන්නා කතා වෙනවා මම ගැන කාමරේ
සතුටින් ගෙවී ගියා වසර දෙක තුනක්
නුඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක්
මල්ලියේ, උඹ ඉපදුණු දා අම්මා තාත්තාටත් වඩා අයියා සතුටු වුණා
ලෙන්ගතුයි එදා උඹ මට කාටත් වඩා
උඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩා
කරදඬු උස් මහත් වෙලා උඹ ලොකු වෙද්දි වෙනස් වුණා කුඩම්මා
උඹ ඇගේ පුතා

ඇය සාධාරණයි මං කවුද ඇගේ
මේ ලෝකෙ අසාධාරණයි අම්මා කොහෙද මගේ
වෛරයක් නෑ උඹ මල්ලි මගේ
උඹෙ හැමදේටම අයියා තාත්තා වගේ
තේරුම් ගනින් උඹ ඉගෙන ගනිං
වැටිලා ඉන්න තැනින් අම්මව ගොඩ ගනිං
ඉපදුණේ නැතත් එකම මව් කුසේ
නුඹට වෙනස්කමක් නොකරමි හදවතෙන් මල්ලියේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා
මං වෙනුවෙන් ලෙය කිරට හැර වෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

මතකද අමතකද පොඩි කාලේ
කෙළිසෙල්ලම් වැලි පාරේ
අත් අල්ලන් අයියා මග හමුවෙන්නන් ආයේ
පාසලේදී විවේක කාලේ
අම්මා කිව්වා අල්ලගන්න අයියගේ ම අතින්
නොතේරුණාට කාරණාව
චකිතය හිත යට මගේ තිබ්බා
ඒ හින්දා ඇවිද්දා
මං කල්පනාවෙන් දැක්කා
“පව්, අම්මා නැති දරුවා” කියලා අනුකම්පා කරලා හිස ඉම්බා
වෙන්න ඇති සුළු වැරදි අතපසුවීම්
ගෙදර හුරතලා මම දුරස් වුණා බැඳීම්
එක වාසගමේ මුලකුරු එක නමින්
අම්මා මාව වඩන් අල්ලගත්තේ උඹේ අතින්
නොවුනට එක ලේ
අපි එක දම්වැලේ
දින සති ගෙවී ගියා දුකසැප වෙරළේ
අපි ආස කළේ වෙලාව ගෙවන්න වෙරළේ
දෑසේ සතුටු කඳුළුම නිතර දෙවේලේ ඇයගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply