මන්දාරමේ | Mandarame by Ayeshmantha ft. Gayashan, OOSeven & Zany

Sinhala song lyrics with music notes illustration

හැමදේම කරේ විශ්වාස
පරදින්න නෙවේ මම ආස
පිලිගන්න වැරැද්ද වෙනස් මම නෙවේ ගියේ දුර ඈත
බොරු කලේ ඔයයි හැමදාම
රැවටෙන්නේ නින්දේ හැම රෑම
එක දවසක හමුවෙලා අහනවා ඇත්තට
ඔයා කවුද මට තාම
හැම තිස්සෙම ඇස් වල කදුලු
මං හින්දා වැටුනේ නෑ කදුලූ
මං ගෙනිච්චා ඔයාව හීන මැදින් මගේ පාරාදීසෙට අදුරු

කොහොමත් තනිකම මගේ මිතුරා
බිදි ගිය හදවත යයි දෙදරා
දැනුනද මං ගැන තව හිතලා
දුක හිතුනද කලු හිත බිදිලා.
මම සුව නින්දක ඇහැරෙන්න කම්මැලී
මගේ පාලුවේ සුවය මත දැනී
නැවතත් මම පරන කෙනාමයි
බිදෙන්න කැඩෙන්න තවත් හිත් නැතී
ඔව් මමයි වැරදි හැමදෙම දැනගෙන පිලිගත්තේ සාදරෙන්
කුමකට බිදෙන බදුන් සුරකින් ද ආදරෙන්

තෙමු දෙකොපුල් මිදුනා
හසකැන් ඒ මා සොයනා
තනියට නුඹ ලග මා
කෙහෙරැල්ලේ සුවසොයනා
මන්දාකිනි නුඹ හින්දා නොවේ
බන්දා හිතේ නුඹ හින්දා මගේ
රැන්දූ කතාවේ රැන්දූ සිනාවේ
නුඹ තාම මාගේ පෙම්වන්තියේ

සරාගි රැගුමන් සාදේ පුරා
මට ඇස් වලින් කරන්නේ ආරාධනා ..
මීවිත මාව බදාගෙන හෙලවෙන්න බැහැ මට නැහැ සිහි කල්පනා
දැන්
වෛවාරන කෙල්ලෝ මැද්දේ මන්
නුඹවයි අද තෝරගන්නේ
මේ කෙටිකතාවකට කුමටද පටුනක් ලියන මමයි දන්නේ
සුන්දරයි භයානකයි නුඹ බාදුරා මලක් වාගෙමයි
මත් උන බබරෙක් නිසාද මංදා හොයන්නේ මං අවදානමයි
ඇස් වලින් කතාකරන්නේ දැන් ඔයා ආලෙට නෙවෙයි උන්මාදෙටයි
හදිස්සි නෑ මම අන්ධයට කිරි කවන්නෙත් එලිවෙන ජාමෙටයි
වීදුරු වගේ පොරොන්දු කැඩෙන්නෙ වැඩකුත් නෑ මට ආදරේ
කාලෙන් කාලෙකට් මාරු වෙන්නෙ බිසව මගේ රජ වාසලේ
හිතලම වැරදි කරන්නෙ ඔයා මම ප්‍රින්සිපල් නිසයි පාසලේ
මේ සාදෙ පුරාවට මට විතරයි මැනික් හම්බුනේ ඔයාගේ ආකරෙන්

මම ආසම ආසම පාට වෙනස් වෙන්නෙ නැ කවදාවත්
ඒකයි වෙනස් වෙන්නෙ නැත්තේ ජීවිතේ හැම දේම හැමදාමත්
අපි පොරොන්දු රැක්කා පොරොන්දු කැඩෙද්දී ඒ හැමදේමත්
ඔයාගේ පොරොන්දුවක් මගේ ජීවිතේම උනා හැමදාමත්
මන්දාකිනි නිම්නාවියේ මන්දාරමේ මං ආ මගෙ
සංසාරයෙ
නුඹ ඒ වගේ මං ඒ මගේ ඒ කාමයෙන් ආවොතින් ද ඒ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply