තෙවෙනි මානය | Theweni Manaya by Ayeshmantha ft. OOSeven & Zany

Sinhala song lyrics with music notes illustration

ඇවිදින්නේ තනියම
නැහැ මට තදියම
ඇවිල්ල නැහැ බං
අපි සෙල්ලමේ අනුන්ගේ පාරේ

මනින්නෙපා හැමදේම පිටින් අපරාදේ
වෙන්නම රහට ඇති ඇතුලෙන්හරි

කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ට
අපිට කෙලින්න ආවොත්
කෙලින්ම කඩන්නේ දලේ

අමාරුවෙන් ගොඩගත්තා
හෙල රැප් නැව
ඇස්පනාපිට ඩෝ බොලා තමයි
සිදුරු කලේ

වටින්නේම හිත නිස්කලංක
හිත මතුවෙන අදහස ඉස්තරම්ම
අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න
අඩෝ පිස්සුද වාසනාව මිස් කරන්න

මචං මලමිනි කාරනාව හිස් කරන්න
ඊට පස්සේ උඹේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ විදි
සැතපෙන්න සැනසීමෙන්
මැරෙන්න කලින් තියපං නම
අල්ලන්න හිතන්න බැරි

කොටු කලේ සල්ලී රාමුව දෝ
ගලනවා තොටියට පාරුව කෝ
වෙන් කලේ අපි කාලය දෝ
අඩෝ පොඩි කාලේ ලග හිටි
යාලුවෝ කෝ

අනදෙන්නේ මට මාරයා දෝ
වින්දේ වස විස මෙහි අවසානය කෝ
අපේ ජීවිතේ සිතාරය දෝ
අපි වයනවා හැබැයි මේකේ තාලය කෝ

කඩන්නේ ප්‍රශ්න නියපොත්තෙන්
මොකටද අතට ගන්නේ නිකන් පොරව
හිටගනින් බය නැතුව මගේ පැත්තෙන්
වරදින්න දෙන්නෙ නෑ මම කවදාවත් උබට

ඇවිදින්නේ අවදානෙන්
තිරිසන්නු මැද්දෙන්
මෝහනය උනේ නෑ මං වැද්දන්ගේ බනට

අන්ධකාර හෙවනැල්ල මගේ පිටිපස්සෙන්
මගේ මේ ආදරේ ලෙන්ගතු බවට

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මගේ කටහඩ මුසුවෙන්නේ මද පවනට
ගෝශාව කන් රිදෙන තරමට ඇසේ
පසුතැව්ලි තොර මරණ පතන්නේ නිතර
අවසන් ගමනට මගේ

මං වැටුනා කබලෙන් ලිපට
ලැබුන හැමදේම නැති උනා
කරුමෙටම වගේ

පතන්නේ හැම දවස සුබ වෙන්න කියලා
කාටද ඇහෙන්නේ කටහඩ මගේ
ජීවිත රග මඩලේ බිදුනු කැඩපත
අපි කැමති අය අපිව දාලා යනවා

වෙන් වෙන්න වෙනවා
අකමැත්තෙන් පිලි ගන්න වෙනවා

හද මැද්දෙන්
බලාපොරොත්තු බ්දෙන තැන නැවත ඉපදීම
තනියම කලුවරේ කෑ ගහලා කිව්ව
කැමතිම සිංදුව සද්දෙන්

දුකට ලිව්වා සිංදු
කැඩුනම පොරොන්දු

මතන පොත පිරෙව්වා
කදුලු වලින්ම
කවදද ලැබෙන්නේ
නිදහස මං

හිරවෙලා මේක හිත සතුටෙන් රැන්දූ
සිනහව කැන්දූ
ඉපදීම දුකක් බව වැටහුනා

දැන් අපි මොනා කරන්නද
පැටලිලා ඉවරයි දැලට
අපි දුකට බැන්දූ

කවුද වැලදගත්තේ මාව
අපි ගින්නේ තාම
කළු සුදු සිනමාව
මේ ඇස් දකින්නේ තාම
පිලිගන්නේ කෝම
ඉවසන්නේ බෝම
රෑ වැටුන වලේ
දවාලේ වැටෙන්නේ තාම

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply