අප්පච්චී | Appachchi by Kasun Kalhara

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද ඔබ
අප්පච්චී….. අප්පච්චී……..

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී….. අප්පච්චී……..

මෙහෙවරට ආවෙයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත පා……
අප්පච්චී….. අප්පච්චී……..

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහා කන්ද ඔබ
අප්පච්චී….. අප්පච්චී……..

Leave a Reply