Kathandare / කතන්දරේ  – Kaizer Kaize ft  Genevive

Sinhala song lyrics with music notes illustration

රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ

රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ
ආදරය යනු දුකට තව නමක්

හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්

අමතක කරන්නත් බෑ දැගලුවත්

ඔය ඇස් පාඩම් වගේ චක්කරේ දෙවරක්
රැවටිලම පාඩම් පිහිටීම වලේ

දවාලේත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ

ආදරේ තමයි සතුටට මන්තරේ

විශ්වාසේ නැත්නම් වැඩක් නෑ

ජප කරත් නිරන්තරේ

යන අයට යන්න දෙන්න අහකට

පලක් නෑ වතුරෙන් මියදුන මලකට

යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට

ඒත් ආයේ එන්න එපා දුක එද්දී එතනට
රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ

රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ
මිතුදමයි අපි උකස් කලේ ආලෙට

සින්න වුනා ඒකත් මුල දුන්න නිසා කාමෙට

සුරලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලෙන්ම

මුල් ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සේ

නුඹේ රගමඩලේ මම අතිරේක නලුවෙක්

අපේ කතන්දරේ එක හිතක…නිදි

අදින් අවසානයි කෙල්ලේ තිතක්… නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්

ඒ රලු මුහුදයි හැදුවේ හොදම කප්පිත්තන්

දැන් හිත හයියයි කොච්චර තැලුවත්

වෙන දෙයක් දෙන්න ජීවිතේ මම සූදානම්
නාඩන්…පෙම් මායම් නෑ මා නම් අල්ලා

කෝලම්…පුරසාරම් නෑ සායම් කවලා

හීනේන් රෑ හීනෙන් ගත් සෙනෙහේ බිදලා

ඉන්නම් තව ඉන්නම් මේ ගිනි දැල් ඉවසා
රවටා… නෑ මා… අපෙ කතන්දරේ

කදුලින්… ලියවූ… අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ
රවටා නෑ මා අපෙ කතන්දරේ

කදුලින් ලියවූ අපෙ කතන්දරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply