ලිහිණි හෙළ | Lihini Hela by Indrachapa Liyanage [2019]

ලිහිණි හෙළ

මේ මේකුළු ගොමුවේ
මා ඈමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ

ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා

මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා

ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණා

Leave a Reply