කුරුල්ලන්ගෙ තටු | Kurullange Thatu Sindoth by Indrachapa Liyanage

Sinhala song lyrics with music notes illustration

කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස තලේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න
සුළං රොදක සුව විදින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිද දැම්මොත්
මොවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙම් අතරේ මුදු පහස
ලබා මලක සුවද පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට

වරල් බිදුණු මාළුවෙකුට
සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින්සැඩ බිද දමමින්
ගල්පර තුල සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ලපලු හැගුම් දළු දමන්න
සුවද සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply